Saturday, October 30, 2010

මාළුවෙක් කතා කරයි.....!

රාජකීය විද්‍යාලයේ 2F පන්තියේ සිසුනට රචනාවක් ලියනු පිණිස ඉහත මාතෘකාව දුන් විට දම්සිත් පුතු විසින් ලියන ලද රචනය මේ ය.
______________________________________--
මම දවසක් තාත්තාත් අම්මාත් සමග මුහුදේ පීන පීන ඉන්නකොට ධීවරයෙක්ගේ දැලකට අම්මා අසුවුණා. එදායින් පසු මගේ පවුලේ සතුට නැතුව ගියා. ඉන් පසු මම තාත්තා සමග තනිවම පීන පීන සිටියා. මගේ තාත්තාත් ධීවරයෙකුගේ දැලකට අසු වුණා. දැන් මගේ හිතේ තිබෙන දුක වැඩි වුණා.


මමත් මගේ යහළුවන් සමග පීනනකොට මමත් දැලකට අසුවුණා. ඒ ධීවරයා මාවත් ගොඩට ඇදලා ගත්තා. මම මගේ ජීවිතය බේරා ගන්න හැදුවා. මගේ වටේ සිටි මිනිස්සු ලොකු තෝරෙක් ලොකු තෝරෙක් කියලා කෑ ගැසුවා. අනේ මෙහෙමත් මිනිස්සු.
_______________________________

සැ.යු: විරාම ලක්ෂණ, පද බෙදීම සහ අක්ෂර වින්‍යාසය දම්සිත්ගේ ය.

Friday, July 23, 2010

ඉවාන්ලා දෙදෙනා

ලස්සන වසීලිස්සා නමැති රුසියානු සුරංගනා කතා එකතුවක සිංහල පරිවර්තනයේ එන එක කතාවක් වූ " ඉවාන්ලා දෙදෙනා" අන්තර්ජාලයේ දී මට හමුවුණා. ඒත් එය අන්තර්ජාලයට එක්කළ කුමාරි ප්‍රනාන්දු මහත්මිය කතාව එහි අවසානය තෙක් ඇතුළත් කර නැහැ. මේ කතාවේ අවසානය සම්පූර්ණ කරන ලෙස මගේ කුඩා පුතු දම්සිත්ගෙන් මා ඉල්ලා සිටි විට ඔහු මට කී කතාව මා පරිගණකයේ යතුරු ලිව්වා. අන්තර්ජාලයේ මට හමු වූ කතාව සහ දම්සිත් පුතු සටහන් කළ එහි අවසානයද ඇතුළත් ඉවාන්ලා දෙදෙනා කතාවයි මේ. මෙහි සම්පූර්ණ මුල් කතාව ලඟ ඇති කෙනෙක් වෙතොත් දරුවන්ගේ ප්‍රයෝජනය පිණිස මුළු කතාවම අන්තර්ජාලයට එක් කරන්නේ නම් මැනවි.
_______________________________________

එකෝමත් එක රටක ඉවාන්ලා දෙදෙනෙක් හිටියා. වැඩිමල් ඉවාන් පොහොසත්.
බාල ඉවාන් දුප්පත්.
පොහොසත් ඉවාන්ගේ ගෙය බඩු මූට්ටු වලින් පිරිලා.
ගෙදර හාල්,තිරිඟු පිටි තියෙනවා. ඔහුට එළදෙන්නු, එළු, බැටළුවෝ බොහෝ ඉන්නවා.
උන් නිල්පාට තණකොල කාලා වතුර බීලා සැපට හැදෙනවා.
ගෙදර හැම තිස්සෙම හොද හොඳ කෑම ජාති හදනවා.
පොහොසත් ඉවාන්ට හැම දෙයක්ම තියෙනවා.
ගෙදර ඉන්නේ පොහොසත් ඉවානුයි, එයාගේ බිරිදයි විතරයි.
මේ දෙදෙනාට ළමයින් ඇත්තෙම නෑ.
දුප්පත් ඉවාන්ට එළදෙනුන් බැටළුවන් නැහැ.
ඒ වුණාට දරු පැටව් 7 දෙනෙක් ඉන්නවා. හත් දෙනාම බංකු උඩ වාඩි වෙලා කැඳ ඉල්ලනවා.
ගෙදර හාල් ඇටයක්වත් නැහැ. පිටි ටිකක්වත් නැහැ.
බැරිම තැන දුප්පත් ඉවාන් පෙහොසත් ඉවාන්ව හමු වන්නට ගියා ‘ ආයුබෝවන් අය්යේ.”
‘‘ ආයුබෝවන් දුප්පත් ඉවාන් ”ආවේ මොකට ද ?
‘ගෙදරට වෙලා ඉන්න බැරි ද ? ‘‘අය්යේ මට පිටි ටිකක් දෙන්න. මම පසුව ණය ගෙවන්නම්”
දුප්පත් ඉවාන් කිව්වා. ‘‘හොදයි මම නුඹට පිටි රාත්තලක් දෙන්නම්.
නුඹ මට පිටි හොණ්ඩරයක් ගෙනත් දෙන්ට ඕනා” පොහොසත් ඉවාන් කීවා. ‘අනේ අය්යේ රාත්තලක් දීලා හොණ්ඩරයක් ඉල්ලන එක හරි ද ? දුප්පතා ඇහැව්වා.
එහෙම බැරිනම් පලයන් යන්ට, වෙනින් ගෙදරකින් ඉල්ලා ගනින්”
කරන්ට දෙයක් නෑ දුප්පත් ඉවාන්ට ඇඩුණා. ඔහු පිටි රාත්තලක් අරගෙන මහ පාරට ආවා විතරයි බෙහෝම වේගයෙන් සුළං හැමුවා.
පිටි ටික සුළගට අහුවෙලා විසිරී ගියා.
පිටි ගෙන ගිය බඳුන බිම වැටුණා. දුප්පත් ඉවාන්ට තරහා ආවා.
‘‘ ආ නුඹ මුරණ්ඩු සුළඟ, නුඹ මගේ ළමයින්ව බඩගින්නේ තැබුවා. ඔවුන්ට හිරිහැර කළා. මුරණ්ඩු නුඹට මම යස පාඩමක් උගන්වනවා”
දුප්පත් ඉවාන් මෙහෙම කියලා සුළඟ හොයාගෙන ගියා. සුළඟ මහා පාර දිගේ යනකොට දුප්පත් ඉවාන් මහ පාර දිගේ යනවා. සුළඟ කැලෑවට යන විට ඔහුත් කැලෑවට යනවා. සුළඟ ලොකු ඕක් ගහක බෙනයට රිංගා ගත්තා. ඉවාන් දුවලා ගිහිල්ලා ඒ බෙනයට රිංගුවා.........
සුළඟ ඉවාන්ව දැකලා ඔහුට කතා කළා.
‘‘ ගමරාල නුඹ මාව බලන්නට ආවේ මොකට ද ? සුළඟ ඇසුවා.
‘‘ බඩගින්නේ ඉන්න මගේ දරු පැටවුන්ට කැඳ උයා දෙන්නට පිටි ටිකක් ඉල්ලා ගෙන මම මහ පාරට ආ හැටියේම ,නුඹ ඇවිත් මගේ පිටි ටික ඉහිරවා හැරියා. මම හිස් අතින් ගෙදර යන්නේ කොහොම ද ? ” ‘‘ මා අතින් සිදුවූ වරදට නුඹ කේන්ති ගන්ඩ එපා. මම නුඹට අපූරු මේස රෙද්දක් දෙන්නම්. එය මේෙස් උඩ එළලා නුඹට ඕන කෑම ජාති ඉල්ලාපන්. එකවර ඒවා ලැබේවි. ඉවාන් බොහොම සතුටු වෙලා සුළඟට හිස නමා ආචාර කරලා මේස රෙද්දත් අරගෙන ගෙදර ගියා. දුප්පත් ඉවාන් ගෙදර ඇවිත් මේසේ උඩ රෙද්ද එලලා මෙහෙම කිව්වා. “ ෙම්ස රෙද්ද මේස රෙද්ද මට කෑම දෙන්න, බීම දේන්න කීවා විතරයි, පාන්,කේක්, මස්, සුප්, උැරු මස් , කැඳ ජාති වලින් මේසය පිරුණා. ළමයින් සමග එකතු වෙලා දුප්පත් ඉවාන් කා බී නින්දට ගියා. පසුදා උදේ කෑමට වාඩි වුණ හැටියේ ම පොහොසත් ඉවාන් මල්ලිව බලන්ට ආවා. පොහොසත් ඉවාන් කෑම වලින් පිරුණ මේසය දැකලා ඊරිසියාවෙන් රතු වුණා. කොහොම ද මල්ලියේ නුඹ පොහොසත් වුණේ. පොහොසත්කම කොහොම වුණත් නුඹට කෑම ටිකක් දෙන්නට පුළුවන්” කියලා දුප්පත් ඉවාන් අය්යාට කිව්වා. මම නුඹට ගෙවන්ට ඕන පිටි හොණ්ඩරය දැන්ම දෙන්නම්. ‘‘මේස රෙද්ද මේස රෙද්ද මට පිටි හොණ්ඩරයක් ගෙනෙන්න” කීව හැටියේම මේසේ උඩ හොණ්ඩරයක් බර පිටි මිටියක්. පොහොසත් ඉවාන් පිටි මිටියත් අරගෙන කතා නොකර ගෙදර ගියා. පොහොසත් ඉවාන් හවස් වුණ හැටියේ ම දුප්පත් ඉවාන්ව හොයාගෙන ආවා. ‘‘ මගේ හොඳ මල්ලියේ , මට පිහිට වෙයන්. මාව එළවන්ට එපා. අල්ලපු ගමේ පොහොසත් ගොවියෝ අපේ ගෙදරට එනවා. මගේ ගෙදර දර නැහැ.පාන් නැහැ, බීම නැහැ. එක පැයකට නුඹේ අපූරු මේස රෙද්ද දීපන් මට පිහිට වෙයන් මල්ලියේ ” පොහොසත් ඉවාන් කීවා. දුප්පත් ඉවාන් මේස රෙද්ද අය්යාට දුන්නා, පොහොසත් ඉවාන් , පොහොසත් ගොවීන් හොදට කෑම බීම විලින් සතුටු කරලා , අපූරු මේස රෙද්ද පෙට්ටගමක හංගලා නිකම්ම නිකම් මේස රෙද්දක් දුප්පත් ඉවාන්ට දුන්නා. නිකම් මේස රෙද්දත් අපූරැ මේස රෙද්ද වගේමයි. වෙනස හොයන්ට බැහැ. දුප්පත් ඉවාන් අය්යාව විශ්වාස කරලා නිකම් මේස රෙද්ද ගෙදර ගෙනවා. බොහෝම ස්තූතියි මල්ලියේ ‍බොහොම හොඳට කැවා කියලා කිව්වා ඉවාන් ‍ගෙදර ඇවිල්ලා මේස රෙද්ද මේසේ උඩ එලලා මෙහෙම කිව්වා. මේස රෙද්ද මේස රෙද්ද කෑම ගේන්න ’ මේසය හිස් කැම කිසිවක් නැහැ. දුප්පත් ඉවාන් පොහොසත් අය්යා ළගට දුවගෙන ගිහිල්ලා ‘ අය්යේ නුඹ මගේ මේස රෙද්දට මොනවද කළේ?" කියලා ඇහැව්වා.මම කිසිදෙයක් දැක්කේ නැහැ දන්නෙත් නැහැ නුඹෙන් ගත් මේස රෙද්ද නුඹට ආපහු දුන්නා. පොහොසත් ඉවාන් කීවා.
______________________________________
අන්තර්ජාලයේ ඇත්තේ මෙතෙක් වූ කොටස පමණයි. මෙතැන තෙක් කියවා අප දෙදෙන අතරමං වූ විට ඉතිරි ටික අපි සම්පූර්ණ කරමුයි මම පුතුට කීවා. ඔහු කියද්දී මා යතුරු ලියූ කොටසයි මෙතැන සිට ඇත්තේ.
____________________________________
එහෙම කිව්වාම දුප්පත් ඉවාන්ට සැක හිතුණා. "අයියේ, ඔයාගේ පෙට්ටගම ඇතුළ මට බලන්න ඕනෑ". "බැහැ, මම ඒක නුඹට බලන්න දෙන්නේ නෑ"කියලා පොහොසත් ඉවාන් කීවා. එමෙ කීවාම දුප්පත් ඉවාන් හැරිලා යන්න ගියා. අයියා දුප්පත් ඉවාන් යන කල් හිටියා. ඉඳලා තමන්ගේ පෙට්ටගම ළඟට ගියා. ගිහිල්ලා පෙට්ටගමේ පියන ඇරලා අපූරු මේස රෙද්ද එළියට ගත්තා. අයියා ඒකෙන් රසවත් කෑම ගොඩාක් ඉල්ලුවා. මල්ලීටත් කෑම ටිකක් දෙන්න ඕනෑ කියලා හිතුවා. පහුවදා උදේම පොහොසත් ඉවාන් නැගිටලා දුප්පත් ඉවාන් ළඟට ගියා. "අයියේ, මේ මොකද උදේම?" දුප්පත් ඉවාන් ඇහුවා."අයියේ ඇයි ඔයා දුන්නු පැදුරෙන් කෑම දෙන්නේ නැත්තේ?". පොහොසත් ඉවාන් කීවා "මම ඔය මේසරෙද්දට  කතා කරලා බලන්නම්" ඉතින් පොහොසත් ඉවාන් මේස රෙද්ද ළඟට ගිහින් කීවා මට රසවත්
කෑම ඔනෑ කියලා. මේස රෙද්දෙන් කෑම දුන්නේ නෑ. දුප්පත් ඉවාන් කීවා, "මට ඔයාගේ පෙට්ටගම අද බලන්න ඕනෑමයි" "මල්ලී , හරි ඔයා ඔච්චර ම කියනවනම් පෙට්ටගම ඇතුළ පෙන්නන්නම්" "හරි අයියේ එහෙනම් අපි යමු" පොහොසත් ඉවාන් පෙට්ටගම ඇරලා පෙන්නුවා. ආ මේ තියෙන්නේ    මගේ ඇත්ත මේසරෙද්ද කියලා දුප්පත් ඉවාන් පොහොසත් ඉවාන්ගේ පෙට්ටගමේ තිබුණු මේස රෙද්දත් අරගෙන යන්න ගියා.