රාජකීය විද්‍යාලයේ 2F පන්තියේ සිසුනට රචනාවක් ලියනු පිණිස ඉහත මාතෘකාව දුන් විට දම්සිත් පුතු විසින් ලියන ලද රචනය මේ ය.
______________________________________--
මම දවසක් තාත්තාත් අම්මාත් සමග මුහුදේ පීන පීන ඉන්නකොට ධීවරයෙක්ගේ දැලකට අම්මා අසුවුණා. එදායින් පසු මගේ පවුලේ සතුට නැතුව ගියා. ඉන් පසු මම තාත්තා සමග තනිවම පීන පීන සිටියා. මගේ තාත්තාත් ධීවරයෙකුගේ දැලකට අසු වුණා. දැන් මගේ හිතේ තිබෙන දුක වැඩි වුණා.
මමත් මගේ යහළුවන් සමග පීනනකොට මමත් දැලකට අසුවුණා. ඒ ධීවරයා මාවත් ගොඩට ඇදලා ගත්තා. මම මගේ ජීවිතය බේරා ගන්න හැදුවා. මගේ වටේ සිටි මිනිස්සු ලොකු තෝරෙක් ලොකු තෝරෙක් කියලා කෑ ගැසුවා. අනේ මෙහෙමත් මිනිස්සු.
_______________________________
සැ.යු: විරාම ලක්ෂණ, පද බෙදීම සහ අක්ෂර වින්‍යාසය දම්සිත්ගේ ය.
Saturday, October 30, 2010
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment